S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගත සමාගම් වෙනසක්


S&P Dow Jones Indices විසින් 2020 පළමු වැනි අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දෙයි.

2020 ජුනිමස 22 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි (2020 ජුනි මස 19 වැනි දිනට කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සඳහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම පහත අයුරින් සිදු වී ඇත.

දර්ශකයෙන් ඉවත් වන සමාගම්

සමාගම                                                                   CSE Ticker

1) ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී ලංකා පී.එල්.සී              TKYO.N0000

TKYO.X0000

2) එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී                       EXPO.N0000

3) ජනශක්ති ඉන්ෂුවරන්ස් කොම්පැනි පී.එල්.සී                  JINS.N0000

4) ලංකාඅයි.ඕ.සීපී.එල්.සී                                                LIOC.N0000

5) සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී                 AAIC.N0000

6) යුනියන්බැංකුව කොළඹපී.එල්.සී                                  UBC.N0000

 

දර්ශකයට අලුතෙන් ඇතුලත් වන සමාගම්

සමාගම                                                                   CSE Ticker

1) සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී                         CFIN.N0000

2) සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී                        CTC.N0000

3) එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස්පී.එල්.සී                            LOLC.N0000

4) මෙල්ස්ටාකෝප් පී.එල්.සී                                            MELS.N0000

5) රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී                             RICH.N0000

6) සෙලාන්බැංකුවපී.එල්.සී                                              SEYB.N0000

SEYB.X0000

 

 



Recommended Articles