One Galle Face සුපිරි වෙළෙඳ සංකීරණය අද විවෘත කෙරෙයි


කොළඹ නගරය තුළ ඉදිවූ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු 'One Galle Face' සුපිරි වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08දා) විවෘත කෙරිණි.

ෂැන්ග්‍රි-ලා සමූහයට අයත් මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය නේවාසික පහසුකම්, කාර්යාල, විනෝදාශ්වාදය, ආහාරපාන පහසුකම්, සිනමා, රූපලාවන්‍ය තාක්ෂණය සහ සාප්පු සවාරි යන සෑම අවශ්‍යතාවයක්ම එකම ස්ථානයකින් ලබාගැනීමේ නැවුම් අත්දැකීම ලබාදෙමින් නිර්මාණය කර තිබේ.

මහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුතු අතර, වෙළෙඳ සැල් 200කින් පමණ සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.



Recommended Articles