IDH රෝහල් කොවිඩ් සටනට HNB වෙතින් සහයෝගයක්


හැටන් නැෂනල් බැංකුව කොවිඩ්-19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටනට සිය දායකත්වයද එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඩ් මගින් ක‍්‍රියාත්මක වන ගිනිනිවීමේ උපකරණ කට්ටල තොගයක් පසුගියදා පසුගියදා පරිත්‍යාග කර තිබේ.

මෙම අවස්ථාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ශාන් රොඩ්රිගෝ සහ ප්‍රධාන පරිනාමන නිලධාරී චිරන්ති කුරේ යන මහත්ම මහත්මීන් සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත දිසානායක ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

HNB විසින් පරිත්‍යාග කළ ගිනි නිවීමේ උපකරණ කට්ටල 34ක් ජලයෙන් ක්‍රියාත්මක වන අතර, සෙසු උපකරණ කාබන්ඩයොක්සයිඩ් වායුව අඩංගු ගිනි නිවීමේ උපකරණයන් විය. පරිත්‍යාග කළ සමස්ත උපකරණ සංඛ්‍යාව 68ක් බව ඔවුහු පවසති.



Recommended Articles