ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් ස්ථාවර ශ්‍රී ලංකාවක් සඳහා වූ විශාලතම සමගාමී සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) කොළඹදී පැවැත්විණි.
Momentum නමින් නම් කර තිබූ මෙම සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, සිනමන් ලේක්සයිඩ් හෝටලය, ගලධාරි හෝටලය සහ හිල්ටන් කලම්බෝ රෙසිඩන්සීස් යන ස්ථාන 4කදී සමගාමීව පැවති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සමාරම්භක අවස්ථාවන්ට එක් විය.