2022 නොවැම්බරයේ විදේශ රැකියා පිටත්වීම් 25,376ක්


2022 වසරේ නොවැම්බර් මාසය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය 25,376ක් ලෙස වාර්තා වී තිබේ.

එය නුපුහුණු ශ්‍රමිකයන් 9,337ක්, පුහුණු ශ්‍රමිකයන් 7,334ක් සහ ගෘහ සේවිකා 6,058ක් වශයෙනි.

2022 ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 276,527ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පූර්ව වසංගත කාලයේ වාර්ෂික පිටවීම් ප්‍රමාණය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles