2022 ජූලි ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය


ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,128.7ක් ලෙස වාර්තා වේ.

එය පෙර වසරට සාපේක්ෂව 2.25 % වර්ධනයක් වන අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2022 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,146ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 5.39 %කින් වැඩි වී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් ඇස්තමේන්තු කරන ලද සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා / ප්‍රවාහන සහ සැපයුම් සේවාවලින් සමන්විත වේ.



Recommended Articles