2022 දී තොරතුරු තාක්ෂණයෙන් ඩොලර් බිලියන 5ක්


2022 වසර වනවිට මෙරට තොරතුරු තාක්ෂණ අපනයන ආදායම ඇ.ඩො.බිලියන 5 දක්වා වර්ධනය කිරීමත්, එමගින් රැකියා ලක්ෂ දෙකක් නිර්මාණය කිරීමත් රජයේ ඉලක්කය වී තිබේ.

පසුගියදා පැවති යාපන තොරතරු තාක්ෂණ සතියේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවා අපනයන අංශයේ අධ්‍යක්ෂ සමන් මල්දෙනි මහතා මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ එම අභිලාෂය සාක්ෂාත් කර ගැනීමේදී යාපනය ඇතුළු උතරු පළාතේ සමාජ හා භූගෝලීය තත්වය සාධනීය මට්ටමක පවත්නා බවය.

2013 වසරේදී ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ සමාගම් 220 ක් ක්‍රියාත්මක වූ අතර, 80,000 ක පිරිසක් එම අංශයේ රැකියාවන්හි නිරතව සිටියහ. මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා අපනයනයෙන් 95% ක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ. එබැවින්, ජාතික තොරතුරු තාක්ෂණ සැලැස්ම අනුව, දෙවන තලයේ තොරතුරු තාක්ෂණ කලාපයන් තුනක් සංවර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර, ඒවා ගාල්ල, මහනුවර හා යාපනය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවනු ඇත.

 



Recommended Articles