2020 ජූලි මාසයේදී උද්ධමනය පහළ යෑමක්


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති 6.3% සිට 2020 ජූලි මාසයේදී 6.1%ක් දක්වා පහළ ගොස් තිබේ.

2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර, 2020 ජුනි මාසයේදී 13.6%හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජූලි මාසයේදී 12.9% දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති 0.8%හි සිට 2020 ජුලි මාසයේදී 1.0 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ පැවති 5.6% සිට 2020 ජූලි මාසයේදී 5.9% දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles