2020 ජනවාරි මස උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ යයි


කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2019 දෙසැම්බර් මස පැවති 4.8% සිට 2020 ජනවාරි මාසයේදී 5.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා දායක වී ඇත.

ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේදී පැවති 6.3% සිට 2020 ජනවාරි මාසයේදී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන 11.7%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2.9%ක් ලෙස වාර්තා විය.



Recommended Articles