2020 දී රටපුරා නගර ජාලය සැලසුම්ගතව සම්බන්ධ වේ


2020 වනවිට රටපුරා නගර ජාලය වඩා හොඳින් සැලසුම් සහගතව සම්බන්ධ කිරීමට රජය බලාපොරොත්තු වන බව පවසයි.

මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය හා යාපනය යන නගර විශාල නගර ලෙස සංවර්ධනය කිරීමට රජය හඳුනාගනු ලැබ ඇති බව කියැවෙයි. ඒ අතර මුළු රටම ආවරණය කරමින් වෙනත් නගර 09 ක් නාගරික සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත.

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මෙම ව්‍යාපෘතීවලට ඇ.ඩො.මිලියන 147 ක ණය මුදලක් පිරිනැමීමට එකඟවී ඇති අතර, මේ සම්බන්ධයෙන් එම බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමටත් ඉන් අනතුරුව මූල්‍යමය ගිවිසුමකට එළැඹීමටත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.



Recommended Articles