2019 ඔක්තෝබර් උද්ධමනය සියයට 5.6ක් දක්වා ඉහළට


2019 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 5.6%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය ඊට පෙර මාසයේ පැවති 5.0%ට සාපේක්ෂව ඉහළ යෑමකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරමින් මෙය නිවේදනය කරයි.

ඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කණ්ඩයේ 3.2%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයක් දැකිය හැකිය.

ඒ අනුව, එම මාසයේ ආහාර කාණ්ඩයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන්ම අලුත් මාළු, ලොකු ළූණු, කිරිපිටි සහ සහල් යන ආහාර ද්‍රව්‍යවල පැවති මිල මට්ටම් සෘජුවම බලපා ඇති බව කියයි.



Recommended Articles