2019 අයවැය යෝජනා මාර්තු 5දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ


2019 සඳහා වන අයවැය යෝජනා මාර්තු මස 5දා සවස 2.00 ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රු.බිලියන 2,312ක් වන අතර, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ එක්සත් ජාතික පෙරමුණ තනි පක්ෂයක ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් කරන පළමු වැනි අයවැයද මෙයයි.

ඒ අනුව, ජනතාව වත්මන් රජයෙන් වැඩි සහන මල්ලක් බලාපොරොත්තු වන අයවැයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 6දා සිට 12දා දක්වාද, කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13දා සිට අප්‍රේල් 05දා දක්වාද පැවැත්වීමට නියමිතය. අය වැය තුන්වැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම අප්‍රේල් 05දා සිදුකෙරෙනු ඇත.



Recommended Articles