2019 අගෝස්තු මස උද්ධමනය සියයට 3.4ක් දක්වා ඉහළ ගිහින්


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ජූලි මස පැවති 2.2% සිට අගෝස්තු මාසයේදී 3.4% දක්වා ඉහළ ගොස් තිබේ.

පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය සහ ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වී ඇති බව මහ බැංකුව කියයි.



Recommended Articles