2018 ජුනි ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.5ක් දක්වා ඉහළ යෑමක්


2018 ජුනි මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2.5%ක් ලෙස පසුගිය මාසයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.

පසුගිය මැයි මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, පසුගිය මාස හතර තුළදීම උද්ධමනය 3.0% ට වඩා අඩු අගයක් වාර්තා විය.

මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 0.26%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.26%ක දායකත්වයක් පිළිවෙලින් ලබාදී ඇති අතර, 2017 ජුනි මාසයේ 6.3% ක්වූ උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 3.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.4%ක්  විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමර සතරසිංහ මහතා 2018 ජුනි මස ලක්ෂ්‍යමය උද්ධමනය නිවේදනය කළේය.

 

 



Recommended Articles