2017 අයවැයට ජනතා යෝජනා 2200ක් ලැබිලා


අයවැය සඳහා විවිධ ආයතන, සංවිධාන, වෘත්තීය සමිති හා පෞද්ගලික මට්ටමෙන් යෝජනා 2,200කට අධික ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ 2017 අයවැය යෝජනාවලිය සඳහා අදහස් ලබාගැනීම වෙනුවෙන් ගාල්ල, අක්මීමන ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පසුගිය 29දා පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

එම යෝජනා රටේ ඉදිරි ගමනට දායක කරගැනීම සඳහා අයවැය සකස් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.



Recommended Articles