2016 මහ බැංකු වාර්තාව මුදල් ඇමතිට භාරදෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත අද (26දා) මුදල් අමාත්‍යාංශයේදී පිළිගැන්වීය.

මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළඟ වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත දැනුම් දිය යුතුය. රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ ඊට අදාළ ගැටලු, අනුමාන සහ ඉලක්කයන් මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ 67 වැනි වාර්ෂික වාර්තාවද වෙයි.



Recommended Articles