2016 අවසන් වීමට පෙර ශිතාගාර 5ක්


රු.මිලියන 2,000ක වියදමින් ශීතාගාර 5ක් ඉදිකිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී.හැරිසන් මහතා පවසා සිටියේය.

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.

දැනට සැලසුම් කර ඇති පරිදි වවුනියාව, දඹුල්ල, කැප්පෙටිපොළ, තඹුත්තේගම හ නුවරඑළිය යන නගරවල මෙම ශීතාගාර ඉදිකිරීමට යෝජනා වී ඇත.

මෙම සියලු ශිතාගාර මෙම වසර අවසන් වීමට පෙර ඉදිකර අවසන් කිරීමටත්, ඒවායෙහි නඩත්තු කටයුතු හා කළමනාකාරීත්වය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව සිදුකිරීමටද සැලසුම් කර තිබේ.



Recommended Articles