2015 දැයට කිරුළට සමගාමීව මිලියන 7525ක්


දැයට කිරුළ 2015 සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා රු.මිලියන 7,525ක් වෙන්කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ දැයට කිරුළ 2015 සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

මීට අමතරව මෙම දිස්ත්‍රික්කවල ස්ථීර වහලක් නොමැති සෑම නිවසකටම ස්ථිර වහලක් ලබාදීමටත්, වැසිකිලි නොමැති සෑම පවුලකටම වැසිකිළි ඉදිකර දීමටත්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.



Recommended Articles