2015 අයවැය යෝජනා පසුගිය 2005 සිට ක‍්‍රියාත්මක කළ ආර්ථික ප‍්‍රතිපත්තියක ඉහළම ප‍්‍රතිඵලය රටට ලබාදෙන හොඳ අවස්ථාවක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේය.
අද (25දා) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මෙවර අයවැය යෝජනා පිළිබඳ විද්වතුන්, ආර්ථික විද්‍යාඥයන් සහ වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා මෙසේ පැවසීය.
රටේ සංවර්ධනයට විශාල අභියෝගයක් ව තිබූ යුද්ධය 2009 වසරේදී නිම කිරීමත් සමග 2009 සිට 2014 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ඉතා හොඳින් කළමනාකරණය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අද ශ‍්‍රී ලංකාව මැදි අදායම් ලබන රටක් බවට පත්ව ඇති බවත් මෙහිදී මහාචාර්යවරයා පවසා සිටියේය.
ආර්ථික විද්‍යාඥයෙක් ලෙස අයවැය ලේඛනයක් පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී වැදගත් වන ප‍්‍රධාන කරුණු තුනක් ඇති බවත්, ඒවා නම්,
1. අයවැය ලේඛනයකින් ඉදිරිපත් කරන යෝජනා ක‍්‍රියාත්මක කළ හැකිද යන්න,
2. සමස්ත ආර්ථික ක‍්‍රියාවලියේ සංවර්ධනය සඳහා වූ යෝජනා එහි ඇතුලත් වනවාද යන්න,
3. සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති වශයෙන් එම ක‍්‍රියාදාමය තුළින් ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් මොනවාද යන්නයි.
ඒ අනුව, මේ සියලු කාරණා විශ්ලේෂණය කර බලන විට 2015 අයවැය ලේඛනය පැහැදිලිවම රටේ සංවර්ධනය පිළිබඳව ප‍්‍රධාන වශයෙන් කල්පනා කර, සියලුම ආර්ථික ක්ෂේත‍්‍ර පිළිබඳව හොඳින් කරුණු අධ්‍යයනය කර සෑම දෙනාටම සෙතක් සැලසෙන ආකාරයේ යෝජනාවලියක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.