2015 අයවැයට ගොවි හා වෙළෙඳ සංගම් අදහස් ලබාගනී


2015 අයවැයි සඳහා ගොවි සංගම් හා වෙළෙඳ සංගම් නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එච්.ආර්.මිත්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන්ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රජයේ නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



Recommended Articles