හොටෙල් කැම්රල් සංචාරක හෝටලය විවෘත කෙරේ


ජනහිත සමූහ ව්‍යාපාරයට අනුබද්ධව කුරුණෑගල නගරයේ අභිනවයෙන් ඉදිකළ හොටෙල් කැම්රල් සංචාරක හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (10දා) පස්වරුවේ විවෘත කෙරිණි.

2016 වනවිට සංචාරක ව්‍යාපාරයේ ඉලක්කය වන ලක්ෂ 25ක් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයට අනගි දායකත්වයක් ලබාදෙමින් විවෘත කෙරුණු හොටෙල් කැම්රල් සියලු පහසුකම්වලින් සමන්වත අංගසම්පූර්ණ හෝටල් සංකීර්ණයක් ලෙස ඉදිකර ඇත.

ජනහිත සමූහ ව්‍යාපාරයේ අධිපති සහ හොටෙල් කැම්රල් හි ප්‍රධාන විධායක දේශමාන්‍ය බී.සී.කන්දෙගෙදර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles