හැමිල්ටන් ඇල ප්‍රදේශයේ ජනතාවට ආශිර්වාදයක් වෙයි


කලක් දුර්ගන්ධය පැතිරෙමින්, අවට ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය තර්ජන ඇති කළ හැමිල්ටන් ඇල මේ වනවිට මනරම් ඇළ මාර්ගයක් ලෙස සංවර්ධනය කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ශරීර සුවතා මංතීරු, විවේක ස්ථාන, එළවළු, පලතුරු, මාලු අළෙවිසැල්වලින් සමන්විත හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ ප‍්‍රදේශයේ ජනතාවට ආදායම් උත්පාදන මාර්ග ඇතිකර දීමට, සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට මෙන්ම, ප‍්‍රදේශයේ අලංකාරය ආරක්‍ෂා කිරීමේ පරමාර්ථයෙන් යුතුව බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, සංවර්ධිත හැමිල්ටන් ඇළ ප‍්‍රදේශයන්ගේ ජනතාවට සම්පතක් මෙන්ම, එම ජනතාවට ආශිර්වාදයක් බවට පත්කර දීම සම්බන්ධයෙන්, එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ බැසිල් රාජපක්‍ෂ මහතාට ප‍්‍රදේශයේ ජනතාව ස්තුතිය පුද කළ බවද පැවසෙයි.

 



Recommended Articles