හස්ත කර්මාන්ත ප්‍රවර්ධන සාකච්ඡා නේපාලය සමග


ශ්‍රී ලංකාව හා නේපාලයඅතර හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නේපාල හස්ත කර්මාන්ත සංගමයේ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. 

එහිදී දෙරට අතර හස්ත කර්මාන්ත සම්බන්ධව නව නිර්මාණ, අලෙවිය හා අපනයනය පිළිබඳව සහයෝගීතාවක් ඇති කරගැනීමටත්, මෙම මස 22 දා සිට 27 වැනිදා දක්වා නේපාල කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිත දකුණු ආසියා කලාපීය සහයෝගීතා රටවල් අතර පැවැත්වෙන සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති අති දැවන්ත හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා වැඩමුළුව මුල් කරගනිමින් දෙරට අතර හස්ත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් සලසා ගත හැකි බවත් නේපාල හස්ත කර්මාන්ත නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රදර්ශනය හා වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හස්ත කර්මාන්ත ශිල්පීන් 08 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර, මෙම වැඩමුළුවේදී නව මෝස්තර නිර්මාණකරණය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එමගින් ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නිර්මාණශිලී හා ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇති බවත් පැවසෙයි.  



Recommended Articles