හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජාතික සම්මේලනයට සැරසේ


මෙරට දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය රැකගැනීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජාතික සම්මේලනයක් පැවැත්වීමට ජාතික ශිල්ප සභාව කටයුතු සැලසුම් කර ඇත. 

මෙහි මූලික සාකච්ඡාව පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා පළාත් හස්ත කර්මාන්ත බල මණ්ඩල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධී කීර්තිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යසථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. 

විශේෂයෙන් මෙරට දේශීය හස්ත කර්මාන්ත ආරක්ෂා කිරීමට විධිමත් ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා මෙම කර්මාන්තය රැක ගැනීම විශාල ගැටළුවක්ව පවතින බවත් ඒ සඳහා මෙම ජාතික සම්මේලනය හරහා දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී වීම තුළ ශිල්පීන්ගේ එකමුතුකම පෙන්වීමට මහඟු අවස්ථාවක් වන බව හා එමගින් සියලුම පළාත් බල මණ්ඩලවල අදහස් හා යෝජනා එකතුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට හොඳ අවස්ථාවක් වන බවත් සභාපති බුද්ධී කීර්තිසේන මහතා පැවසීය.



Recommended Articles