දේශිය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් මෙවරත් කුලියාපිටිය නගරශාලා පරිශ්‍රයේදී අලෙවි පොලක් සංවිධානය කර තිබේ.
සැප්තැම්බර් මස 25 සිට 27 වැනිදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා මෙම අලෙවි පොල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, විවිධ හස්ත කර්මාන්ත ඇතුලත් වන පරිදි අලෙවි කුටි 50කට වඩා අධික ප්‍රමාණයකින් මෙම අලෙවි පොල සමන්විත බව පැවසෙයි.