හයිඩ්‍රෝ ඒෂියා - 2014 BMICHහිදී 11දා ඇරඹේ


ජල විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධ උනන්දුවක් දක්වන රටවල් 45ක නියෝජිත සහභාගිත්වයෙන්, මෙවර හයිඩ්‍රෝ ඒෂියා - 2014 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය, මාර්තු 11 දින සිට 13 දින දක්වා කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ජල විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රමුඛ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම සම්මන්ත්‍රණයේදී සෙසු රාජ්‍යයන් සමග ජලවිදුලි කෂේත්‍රයේ වැදගත්කම, නවීන තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගැනීම මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගතයුතු සහ ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමේ අවස්ථාවද උදාවන බව පැවසෙයි.

හයි‍ඩ්‍රෝ ඒෂියා 2014 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට ක්ෂේත්‍රයේ උනන්දුවක් දක්වන දෙස් විදෙස් විද්වතුන්, දේශකයන් මෙන්ම පර්යේෂකයන්ද සහභාගී වීමට නියමිතය.

හයිඩ්‍රෝ ඒෂියා 2014 සම්මන්ත්‍රණයට සමගාමීව ජලවිදුලි ක්ෂේත්‍රයේ උපකරණ සහ මෙවලම් දැක්වෙන ප්‍රදර්ශනයක්ද පැවැත්වෙන බවත්, මේ සඳහා සහභාගී වන ජාත්‍යන්තර නියෝජිතයන් මෙරට ප්‍රධාන පෙළේ ජලවිදුලි බලාගාර නිරීක්ෂණයකට සහභාගී වීමටද නියමිත බවත් කියැවෙයි.



Recommended Articles