හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ නව ව්‍යාපෘති


හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියක් රජය මගින් ක්‍රියාත්මක කර ඇති බව පැවසෙයි.

හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන මෙම නව ව්‍යාපෘතියට දකුණු අධිවේගී මාර්ගයේ 3 වැනි කොටස සහ සූරියවැව - ගල්වල හන්දිය - මොරකැටිය - ඇඹිලිපිටිය මාර්ගය (දුර කි.මි. 18.28) සහ රන්න - වැටිය මාර්ගය (දුර කි.මි.16.15) අයත් වන බව පැවසෙයි.

මේ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට අදාළ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ. 

 



Recommended Articles