සෙංකඩගල ජනතාවට ශ්‍රී ලංකන් හොලිඩේස් වට්ටම්


ශ්‍රී ලංකන් හොලිඩේස් වෙතින් සෙංකඩගල පුරවරයේ වෙසෙන සැමට ජීවිතයේ එක්වරක් හිමිවන  විශේෂ සංචාරක වාසි රැසක් ලබාදීමට කටයුතු කර ඇත.ඒ අනුව  ආසියාව ,මැද පෙරදිග සහ යුරෝපයේ ගමනාන්ත  27ක ශ්‍රීලංකන් හොලිඩේ පැකේජ සඳහා 25% අතිවිශේෂ වට්ටමක් ලබාදීමට ඊයේ(12දා       කටයුතු කරනු ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ක්වාලාලම්පූර් ,බැංකොක්, ඩුබායි,මාලේ,කොචින්, සහ රෝමය වෙත රුපියල් 26,700 ක ආරම්භක ගාස්තු යටතේ හඳුන්වාදෙන හොල්ඩේ පැකේජ ඔබට ලබාගැනීමේ හැකියාව මෙමගින් ලැබේ. ගුවන් සමාගම එහි  පිරිමැසුම් ගුවන් සේවය වන මිහින් ලංකා හි ලාහෝර් ,ජකාර්තා සහ සීෂෙල්ස් යන ගමනාන්ත සදහා හොලිඩේ පැකේජ හදුන්වා දීමටත් මෙහිදී කටයුතු කර ඇත.

 

 


Recommended Articles