ADB වෙතින් ඇ.ඩො.මි 350ක ආධාරයක්


මෙගා වොට් 100 ක ධාරිතාවයෙන් යුත් සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදිකිරීම සඳහා සහ මහා මාර්ග කිලෝ මීටර 340ක් ඇතුළුව ග්‍රාමීය මංමාවත් කිලෝමීටර 3400 ක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇ.ඩො.මිලියන 350ක ආධාරයක් ලබාදීම සඳහා අද (22දා) ගිවිසුම් දෙකකට එළැඹ තිබේ.

මෙම ගිවිසුම යටතේ සංවර්ධනය කරනු ලබන මාර්ග සියල්ල, ඕනෑම කාලගුණික තත්ත්වයන්ට සරිලන පරිදි සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය බව කියයි.

මෙම ව්‍යාපෘති දෙක සඳහා වන ගිවිසුම් දෙකකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති වෙන්චයි ෂැන්ග් යන මහත්වරු ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

1_ADB



Recommended Articles