සුරාබදු පරීක්ෂකවරු 46කට නව පත්වීම්


සුරාබදු දෙපාර්තමේන්තුවට බඳවා ගත් සුරාබදු පරීක්ෂකවරුන් 46 දෙනකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය 24 වැනිදා, මුදල් අමාත්‍යාංශ රන්දොර ශ්‍රවණාගාරයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට ඇතුළු විය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා, පැවැති පාලන සමයේ රාජ්‍ය සේවය සඳහා පත්වීම් ලබාදුන් ආකාරය කිසිවකුට අනුමත කළ නොහැකි බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles