සුරාජ් කුන්ඩ් 2014 අත්කම් ශිල්පීන්ට සහතිකපත් දෙයි


ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්ත රජය සමග එක්ව ‘සුරාජ් කුන්ඩ් ක‍්‍රාෆ්ට් මේලා’ අධිකාරිය මගින් වාර්ෂිකව පවත්වන ‘සුරාජ් කුන්ඩ් ඉන්ටර්නැෂනල් ක‍්‍රාෆ්ට් මේලා’උත්සවයේ 2014 වාර්ෂික උලෙළ ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයෙහි 28 වන වරටත් පැවැත්විණි.

2014 ජනවාරි මාසයේදී පැවති මෙම උලෙළ ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන දැවැන්තම අත්කම් උලෙළද වෙයි. මේ සඳහා ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ 74කගෙන් සමන්විත අත්කම් ශිල්පීන් හා ජාතික ශිල්ප සභාව, ජාතික තරුණ සේවා සභාව, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ නිලධාරීන්ගේ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් සහතික පත් බෙදාදීම පසුගියදා සිදුකරන ලදී.

මෙම උත්සවයට ලොවපුරා අත්කම් ශිල්පීන් 700කට වැඩි පිරිසක් සහභාගී වූහ.

 

 



Recommended Articles