ශ්‍රී ලාංකිකයන් සඳහා සිංගප්පූරුවේ සාත්තු සේවා රැකියා අවස්ථා උදාකරන අවබෝධතා ගිවිසුමකට කාට්සු (Kaatsu) ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සහ සිංගප්පූරුවේ ඇක්ටිව් ග්ලෝබල් (Active Global) විශේෂඥ සාත්තු සේවා ආයතනය විසින් මාලඹේ කොස්වත්තේ පිහිටි එම විශ්වවිද්‍යාලයේදී අත්සන් කරන ලදී.
කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ජගත් සෙනෙවිරත්න මහතා සහ ඇක්ටිව් ග්ලෝබල් විශේෂඥ සාත්තු සේවා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා යොරෙල්ලේ කාලිකා මහත්මිය එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.