සිංගප්පූරු-චීන ආයෝජකයන් ආයෝජන අවස්ථා සොයයි


ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති හැකියාවන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සිංගප්පූරු-චීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයන් අතර ආයෝජන හමුවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

සිංගප්පූරු-චීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයත් සිංගප්පූරු ව්‍යවසාය නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලයේත් මැදිහත් වීම මත මෙම ව්‍යාපාරික දුත මෙහෙවර සංවිධානය කර ඇත.

සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 26ක් නියෝජනය කරමින් නියෝජිතයන් 32නෙකුගෙන් මෙම ව්‍යාපාරික දූත පිරිස සමන්විත වී ඇත.

මෙම ආයෝජන හමුවට සංවර්ධන උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍යාංශ ලේකම් චාන්දනී  විජයවර්ධන, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මංගල යාපා, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.

1_Singapore



Recommended Articles