සිංගප්පූරු ආයෝජක සමුළුව 21දා


කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, බ්ලූම්බර්ග් ඩේටා සර්විසස් සමග එක්ව එළැඹෙන 21 වැනිදා සිංගප්පූරුවේදී ආයෝජක සමුළුවක් පැවැත්වීමට නියමිතය.

අග්නිදිග ආසියානු කලාපයේ විසිරී සිටින විදේශීය ආයතන සහ ධනවත් ආයෝජකයන් ඉලක්ක කරගනිමින් සිංගප්පූරුවේ, රිට්ස් හෝටලයේදී මෙම ආයෝජක සමුළුව පැවැත්වෙනු ඇත.

දැනටමත් ආයතනික ආයෝජකයන්, ආයෝජන බැංකු, මූල්‍ය උපදේශකයන් සහ ලැයිස්තුගත සමාගම් 250කට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජක සමුළුවට සහභාගි වීමට ලියාපදිංචි වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් සමග එහිදී සාකච්ඡා පවත්වනු ඇත.



Recommended Articles