සැප්තැම්බර් සංචාරක පැමිණීම්වල වර්ධනයක්


2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 16.8%ක වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 90,339 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර ඊට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන් 105,535 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 



Recommended Articles