සැප්තැම්බර් ජාතික පාරිභෝගික මිල දර්ශකය 113 දශම 5ක් වෙයි


2016 සැප්තැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.5 ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සැප්තැම්බර් මාසයේ දර්ශකය අගෝස්තු මාස‍යේ දර්ශකය (113.3) හා  සංසන්දනය කළවිට 0.2ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.2ක වැඩිවීමක් වාර්තා කර ඇත.

මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.07% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.18% කින් වැඩිවීම බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles