සාර්ක් කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය සමුළුව මාර්තු 6දා කොළඹදී


සාර්ක් කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය සමුළුව 2018 මාර්තු 06 වැනිදා ප.ව. 4.00ට කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර, සමුළුවේ ප්‍රධාන දේශනයයද අමාත්‍යවරයා විසින් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි.

මෙවර සමුළුවේ තේමා පාඨය වනුයේ 'දකුණු ආසියාවේ මූල්‍ය අන්තර්ග්‍රහනය ශක්තිමත් කිරීම' යන්නය.

මේ සඳහා සාර්ක් රටවල් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාවෙන් වෘත්තිකයන් හා විශේෂඥයින් 300ක් පමණ සහභාගීවීමට නියමිතය. 

ඔවුහු මෙම රටවල මහ බැංකුවල හා අමාත්‍යාංශවල නියෝජිතයෝ වෙති.

1_Saarc



Recommended Articles