සාර්ක් කලාපයම ඉහළ ආර්ථික වර්ධන උත්සාහයක - අමුණුගම


සාර්ක් කලාපීය රටවල් සියල්ලේම වාර්ෂික ආර්ථික සංවර්ධන වේගය වර්ෂයකට 2% ක් හෝ 3% ක් ගණයට වැටුණත්, පසුගිය දශක තුනක පමණ කාලය තුළ කලාපයේ රටවල උත්සාහය වී තිබෙන්නේ දැඩි ආර්ථික සංවර්ධනයක් ඇතිවන ආකාරයේ ඉලක්කයන් කරා යෑමට බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය

අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති දකුණු ආසියාතික සහයෝගීතා කලාපයේ තෙවැනි සම්මේලනයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, සාක් කලාපීය රටවල් ගෙන බැලීමේදී ඉන්දියාවේ වාර්ෂික සංවර්ධන වේගය දැනට පවතින මට්ටමට වඩා දෙගුණයකින් වැඩි කිරීමට ඔවුන් ප්‍රයත්න දරන බවය. ශ්‍රී ලංකාවද ත්‍රස්තවාදී කාලපරිච්ඡේදවලින් පසුව එහි වාර්ෂික සංවර්ධන වේගය 7% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරා ගෙන යෑමේ ප්‍රයන්තයෙහි යෙදී සිටින බව අමාත්‍යවරයා පැවසීය.  එබැවින් ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනයක් මේ වනවිට පවතින බව පෙන්වාදීම යථාර්ථය යැයි පැවසූ අමාත්‍යවරයා, සංවර්ධන ක්‍රියාදාමයන් සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා සකස් කළයුතු පරිපාලනමය පහසුකම් ව්‍යුහය කුමක් විය යුතුද යන්න ගැන කලාපයේ අප විසින් විමසිය යුතු බවද පෙන්වා දුන්නේය. 

මේ ගැන වැඩි විස්තර හෙට (17දා) අද පත්තරෙන්...



Recommended Articles