ස්විස් බැංකු තැන්පතු ඩොලර් මි 450ක් මෙරටට - රවි


ස්විස් බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස එහි ගිණුම් හිමියන්ගෙන් රජය කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

ඒ අනුව, මේ වනවිට ඇ.ඩො.මිලියන 450කට අධික මුදලක් එම ගිණුම් හිමියන් මෙරට බැංකුවල තැන්පත් කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී විදෙස් මාධ්‍ය ආයතනවල මෙරට සිටින වාර්තාකරුවන් හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදේශිකයන්ද ස්විස් බැංකුවල තිබූ මුදල් මේ වනවිට ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කිරීම ආරම්භ කර ඇති බව පවසා සිටි මුදල් අමාත්‍යවරයා, සෞදි සහ කටාර් රාජ්‍යවල ව්‍යාපාරිකයන්ගේ තැන්පතුද මේ අතර වන බව සඳහන් කළේය.



Recommended Articles