ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් එරට තානාපතිවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක් ඊයේ (02දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර් නෙඩර්කොර්න් මහතා මෙහිදී, අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තේරීපත් රවි කරුණානායක මහතාට සුබ පැතීමටද අවස්ථාවක් කරගෙන තිබේ.
මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙන්ම තානාපතිවරයා විසින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික් සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.