සහල් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් පිටකොටුවේ නෑ - රවි


පිටකොටු තොග වෙළෙඳ සැල්වල කිසිදු සහල් හිඟයක් නොමැති බවත්, සහල් මිල, පරිප්පු මිල, මුං ඇට මිල, ඉතා අඩු මට්ටමක පවතින බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පිටකොටුව ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුවය.

උත්සව සමයේ සහල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ වූ බව මුදල් අමාත්‍යාංශය කියයි.



Recommended Articles