සමෘද්ධි කළමනාකරුවන්ගේ 17 වැනි ජාතික මහ සමුළුවෙන්


දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ 2,000කට ආසන්න උපාධිධාරී සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය සංගමයේ 17 වැනි ජාතික මහා සම්මේලනය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටි අතර, සංගමයේ සභාපති ආර්.ඒ.පී. රණතුංග, සම ලේකම්වරුන් වන එම්.ඒ. සුනිල් සුබසිංහ සහ ඒ.එම්. දසනායක බණ්ඩාර සහ භාණ්ඩාගාරික යූ.ජේ. ජයතුංග යන මහත්වරු එහි මුලසුන හෙබවූහ. එහිදී ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මඬුල්ල පත්කර ගැනීමද සිදුවිය.

ඡායාරෑප ඉසුරැ පෙරේරා



Recommended Articles