සමුද්‍රීය හා නාවික කේන්ද්‍ර පිළිබඳ නව උපදේශකවරයෙක්


ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සමුද්‍රීය හා නාවික කේන්ද්‍ර පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලදී.

'මහින්ද චින්තනඉදිරි දැක්ම - 2011'  ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමේ ප්‍රධාන අංශයක් ලෙස සමුද්‍රීය හා නාවික කේන්ද්‍රයක් බවට පත්කිරීමට අපේක්ෂිතය.

පංචකේන්ද්‍රීය සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛ අංශයන් වනුයේ මෙම සමුද්‍රීය හා නාවික කේන්ද්‍ර වැඩසටහන වන බවත්, අද්මිරාල් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කරන අවධියේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශි වැඩපිළිවෙළේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලැබූ බවත් පැවසෙයි.

අද්මිරාල් කොළඹගේ මහතා දැනට ලංකා නැව් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන අතර, ඔහු මෙම තනතුරට පත්කරන ලද්දේ නාවික හමුදාපති තනතුර දරන අතර ඔහු විසින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අංශයේ ප්‍රගතිය කෙරෙහි දායාද කරන ලද විශිෂ්ට කාර්යභාරය හේතු කොට ගෙන බවද පැවසේ. ලංකා නැව් සංස්ථාව පෙර තිබූ සෞභාග්‍යමත් අවධියට නැවත ගෙන ඒමට හා නාවික කේන්ද්‍ර සිහිනය සැබෑ කරවීමට මේ කාලය තුළ විශේෂ පියවර රැසක් ගැනීමට ඔහු සමත් වී ඇති බව කියැවෙයි.

ඔහු සමුද්‍රීය හා නාවික ක්ෂේත්‍රයේ වසර 36ක විශිෂ්ට අත්දැකීම් ඇති විශේෂඥයෙකු ලෙස පිළිගැනේ. 

 

 



Recommended Articles