සතොස Mega outlet වැලිසරදී විවෘත කෙරේ


සතොස අලෙවිසැල් ජාලයේ පළමු වැනි මෙගා අලෙවි සැල (Mega outlet) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) වැලිසරදී විවෘත කෙරිණි.

සතොස අලෙවි සැල් ජාලයේ 400 වැනි අලෙවි සැල ලෙසින් මෙම මෙගා අලෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වන අතර, අඩුම මිලට හොඳම භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම සඳහා තවත් මෙවැනි මෙගා අලෙවි සැල් 25ක් මෙම වසරේදී ආරම්භ කරන බව මෙම අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

එමෙන්ම, රජයේ මුදල් වැය නොකර පෞද්ගලික අනුග්‍රාහකත්වයන් යටතේ මෙම මෙගා අලෙවි සැල් විවෘත කෙරෙන බවද පැවසූ අමාත්‍යවරයා, වැලිසර පැවති සතොස අලෙවි සැල මෙරට ප්‍රථම සතොස මෙගා අලෙවි සැල බවට පත්කිරීමට සහාය දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට ස්තූතිය පළ කිරීමටද කටයුතු කළේය. මෙම අවස්ථාවට යුනිලිවර් ශ්‍රී ලංකා සභාපති කාර්ල් ක්‍රස් මහතාද සහභාගී විය. 

1_Sathosa



Recommended Articles