සතොස ප්‍රථම Mega outlet හෙට වැලිසරදී විවෘත වෙයි


සතොස අළෙවිසැල් ජාලයේ පළමු වැනි මෙගා අලෙවි සැල (Mega outlet) හෙට (05දා)  වැලිසර දී විවෘත වීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වැලිසර මෙගා අලෙවි සැල විවෘත කරනු ලබයි.

සතොස අලෙවි සැල් ජාලයේ 400 වැනි අලෙවි සැල ලෙසින් මෙම මෙගා අලෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වන අතර, අඩුම මිලට හොඳම භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම සඳහා තවත් මෙවැනි මෙගා අලෙවි සැල් 40ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.



Recommended Articles