සංචාරක සංවර්ධන අධිකාරිය මිලියන 170ක අතිරික්ත ආදායමක් ලබයි


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2014 මැයි දක්වා ඇස්තමේන්තුගත අතිරික්ත ආදායම රු.මිලියන 169.12ක් බවත්, 2012දී රු.මිලියන 183.04ක හා 2013 වසරේ රු.මිලියන 276.06ක අතිරික්ත ආදායමක් ලබා ඇතැයි ඊයේ (26දා) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.

2015 හා 2016 වසරවල ඇස්තමේන්තුගත අතිරික්ත ආදායම පිළිවෙළින් රු.මිලියන 355.07ක් හා 420.04කි. අද වනවිට ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ ප්‍රාග්ධන හා සංචිත ප්‍රමාණයෙහි එකතුව 2013 වසරේ විගණන වාර්තාවන්ට අනුව රු.මිලියන 3,039.84කි. මේ ආයතනයේ මේ වනවිට සේවකයන් 160 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර සේවක අතිරික්තයක් හෝ හිඟයක්ද නොමැති බව එම පිළිතුරෙහි සඳහන් වේ. 

 



Recommended Articles