සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට රුවිනි


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම් ලැබූ රුවිනි ඩයස් බණ්ඩාරනායක පසුගියදා එම ධුරයේ වැඩ භාරගත්තාය.
ඒ අනුව, ශ්‍රී ලංකා සංචරණයේ වත්මන් සභාපති පී.එම්. විතාරණ එක්ව ශ්‍රී ලංකා සංචරණය වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වගකීම ඇය වෙත පැවරී ඇතැයි කාර්යාංශය පවසයි. එසේම ඒ හරහා ලෝක සංචරණ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ඉහළදැමීමද අරමුණ වී තිබේ.

බණ්ඩාරනායක මහත්මිය මීට පෙරව ගුවන් තොටුපොළ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවාවේ විධායක අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වැඩ භාරගැනීමේ අවස්ථාව සඳහා සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා සංචරණයේ සභාපති පී.එම්. විතාරණද යන මහත්වරු එක්ව සිටියහ.



Recommended Articles