ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසාර සංවර්ධනය උදෙසා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ හා සංවිධානවල වත්මන් කාර්යයභාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් 05 වැනිදා පෙ.ව. 8.30 ට කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ ඩිපිලෝමා පාඨමාලාවේ සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුසිසුවියන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබේ.
විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් ඉලක්ක කර පැවැත්වෙන මෙම වැඩමුළුවට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත වූ අය හා ව්‍යවසායකයන්, එම ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණවල නිරත වන අය සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ද සහභාගි වනු ඇති බව කියයි.
මේ සඳහා සහභාගි වීමට උනන්දුවක් දක්වන්නන් 077-8078273, 077-7935559 යන දුරකථන අංක අමතා තම සහභාගීත්වය තහවුරු කරගත යුතුය.