සංගක්කාර ශ්‍රී ලංකාවට ප්‍රබල සංචාරක වෙළෙඳ ප්‍රවර්ධන තානාපතිවරයෙක්


ශ්‍රී ලංකාව සතු ප්‍රබලතම සංචාරක වෙළෙඳ ප්‍රවර්ධන තානාපතිවරයා කුමාර් සංගක්කාර බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඇ.ඩො.බිලියන 61 ක් වටිනා ශ්‍රී ලංකා වෙළෙඳ නාමය තුළ ඉතා වැදගත් ස්ථානයක් කුමාර් සංගක්කාරට හිමි බවද ඔවුන් සඳහන් කරයි.

මෙය තවත් එක් අවස්ථාවක් කරගනිමින් ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලියේදී එහි විකාශන හිමිකම සහිත සෝනි සික්ස් රූපවාහිනි නාලිකාවද සමගින් එක්ව ඉන්දියාව, මැදපෙරදිග සහ බ්‍රිතාන්‍ය යන වෙළෙඳපොළ වෙත වඩා හොඳ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමටත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කර තිබේ.



Recommended Articles