ශාක පරීක්ෂාවට හා නිරෝධායනයට ශ‍්‍රී ලංකා - චීනය ගිවිසුමක්


ශාක පරීක්ෂාව හා නිරෝධායන කටයුතුවල සහයෝගිතාව උදෙසා ශ‍්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ‍්‍රී ලංකාව හා චීනය තම රටවල වෙනත් රටවලින් ඇතුළු වී පැතිර යා හැකි ශාක පලිබෝධ රට තුළට ඇතුළු වී පැතිරීයාම වැළැක්වීම තුළින් කෘෂි හා වන සම්පත් නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ශාක හා ශාක නිෂ්පාදන වෙළෙඳාම ප‍්‍රවර්ධනය කිරීම මෙම අවබෝධතා ගිවිසුමෙන් බලාපොරොත්තු වන බවද කියැවෙයි.

ශාක පරීක්ෂාව හා නිරෝධායන ක්ෂේත‍්‍රයන් හි ද්විපාර්ශ්වික සහයෝගිතාව ප‍්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම උදෙසා මෙම අවබෝධතා ගිවිසුම හරහා ක‍්‍රියාත්මක කරන ක‍්‍රියාකාරකම් ඒ ඒ රටවල නීති හා රෙගුලාසිවලට යටත්ව ක‍්‍රියාත්මක වන බවත්, මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ද අනුමැතිය ලැබී ඇති බවද වැඩිදුරටත් කියැවෙයි.

 



Recommended Articles